1/88
Looks like no tags are added yet.
Name | Mastery | Learn | Test | Matching | Spaced | Call with Kai | Chat |
|---|
No analytics yet
Send a link to your students to track their progress
ප්‍රභාසංශ්ලේෂණය යනු
පරිවෘත්තීය ක්‍රියාවලියකි.
ප්‍රභාසංශ්ලේෂණයේදී සිදු වන ප්‍රධාන පරිවර්තනය
ආලෝක ශක්තිය ප්‍රකාග්‍රහණය කර රසායනික ශක්තිය බවට පරිවර්තනය කෙරේ.
රසායනික ශක්තිය ගබඩා කෙරෙන්නේ
කාබෝහයිඩ්‍රේට ලිපිඩ ප්‍රෝටීන හා න්‍යෂ්ටික ඇසිඩ්වල රසායනික බන්ධනවලය.
පෘථිවිය මත ඇති සියලු ම ජීවය, සෘජුවම හෝ වක්‍රාකාර වූ කුමක් මත යැපෙත්ද?
ප්‍රභාසංශ්ලේෂණය මතය.
ප්‍රභාසංශ්ලේෂණය සිදු වන ජීවීන් කවුද?
ශාක, ඇල්ගාවන් තුළ සමහර ප්‍රාග් න්‍යෂ්ටිකයන් තුළදී
ප්‍රභාසංස්ලේෂණයේ ගෝලීය වැදගත්කම් මොනවාද?
ප්‍රභාසංස්ලේෂණයේදී CO2, H2O මඟින් ඔක්සිහරණය වන ආකාරය
ආලෝක ශක්තිය භාවිතයෙන් සීනි නිපදවයි.
සූන්‍යෂ්ටික ප්‍රභාසංශ්ලේෂක සෛලවල ප්‍රභාසංශ්ලේෂණය සිදු වන ස්ථානය
හරිතලවය යි.
ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේ ප්‍රධාන අදියර දෙක
CO2 තිර කිරීමේ දී පළමු ස්ථායි ඵලයේ C පරමාණු සංඛ්‍යාව මත ප්‍රභාසංශ්ලේෂණ යන්ත්‍රණ (මාර්ග) බෙදෙන කොටස්
I. C3 යන්ත්‍රණය - පළමු ස්ථායි ඵලයේ C පරමාණු 3ක් ඇත. II. C4 යන්ත්‍රණය - පළමු ස්ථායි ඵලයේ C පරමාණු 4ක් ඇත.
ආලෝකය මත රඳා පවතින ප්‍රතික්‍රියා සිදු වන ස්ථානය
තයිලොකොයිඩ පටල පද්ධතිය තුළ සිදු වේ.
තයිලොකොයිඩ යනු මොනවාද?
ඒවා තරල පිරී පැතලි මඩි වේ. ඒවා එක මත එක පිහිටා ප්‍රාන්තර ඇතිව ග්‍රානා සාදයි.
තයිලොකොයිඩ පටල පද්ධතිය මත ස්ථානගතව ඇති ද්‍රව්‍ය
ක්ලෝරෆිල්, කැරොටිනොයිඩ හා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක
පංජරය (Stroma) යනු කුමක්ද?
ජෙලි වැනි ව්‍යුහයකි. එහි ද්‍රාව්‍ය එන්සයිම, වෙනත් රසායනික අඩංගු වේ.
කැල්වින් චක්‍රය සිදු වන ස්ථානය
පංජරය (Stroma)
ප්‍රභාසංශ්ලේෂි වර්ණක යනු
දෘශ්‍ය ආලෝකය අවශෝෂණය කරන ද්‍රව්‍ය වේ.
ශාක පත්‍රයක් කොළ පැහැති ලෙස දිස්වීමට හේතුව
ක්ලෝරෆිල් මඟින් දිගු, නිල්, රතු වර්ණ අවශෝෂණය කර කොළ වර්ණය පරාවර්තනය කරන නිසා
වර්ණක ආලෝකය අවශෝෂණය කරන්නේ කෙසේද?
විවිධ වර්ණක විවිධ තරංග ආයාමයෙන් යුත් ආලෝකය අවශෝෂණය කරයි.
හරිතලව තුළ අඩංගු වර්ණක වර්ග දෙක
ක්ලෝරොෆීල් හා කැරොටිනොයිඩ
ආලෝකය ග්‍රහණය කරන ප්‍රධාන වර්ණකය සහ එය සෘජුවම සම්බන්ධ වන්නේ කුමකටද?
ක්ලෝරොෆීල් a වන අතර, එය සෘජුවම ප්‍රභාසංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවට සම්බන්ධ වේ.
ක්‍රියා වර්ණාවලියට අනුව, ක්ලෝරොෆීල් a වඩාත් ඵලදායි වන ආලෝක වර්ණ
නිල් සහ රතු ආලෝකය සඳහා
ක්ලෝරොෆීල් b සහ කැරොටිනොයිඩ (කැරොටීන් හා සැන්තොෆීල්) ඵලදායි වන්නේ කුමකටද?
වෙනස් වර්ණ සඳහා අදාළ විශේෂිත පරාසයක ඇති තරංග ආයාම අවශෝෂණයේ දී
සමහර කැරොටිනොයිඩවල අනෙක් වැදගත් කෘත්‍යය කුමක්ද?
ප්‍රකාදාරක්ෂණයයි. (Photoprotection)
ප්‍රකාදාරක්ෂණය යනු
ප්‍රභා ආරම්භව යනු අමතර අධික ආලෝක ශක්තිය අවශෝෂණය හා විසිරුවා හැරීමයි.
අධික ආලෝකය විසිරුවා නොහැරියහොත් සිදුවන හානිය
අමතර අධික ආලෝකය ක්ලෝරොෆීල්වලට හානි කරයි. නැති නම් එම ආලෝකය ඔක්සිජන් සමඟ අන්තර් ක්‍රියා කර, සෛලයට හානි කර ප්‍රතික්‍රියාකාරී ඔක්සිකාරක අණු නිපදවයි.
අවශෝෂණ වර්ණාවලිය යනු
වර්ණකයක් මඟින් විවිධ තරංග ආයාම්වලදී ආලෝකය අවශෝෂණය කරන සාපේක්ෂ ප්‍රමාණය දැක්වෙන ප්‍රස්තාරයයි.
ක්‍රියා වර්ණාවලිය යනු
ආලෝකයේ විවිධ තරංග ආයාම මඟින් ප්‍රභාසංශ්ලේෂණය උත්තේජනය කිරීමේ / කිරීමේ ඵලදායිත්වය පෙන්වන ප්‍රස්තාරයයි.
ක්‍රියා වර්ණාවලියේ Y අක්ෂයෙන් දැක්වෙන්නේ
ප්‍රභාසංශ්ලේෂණ වේගය (O2 බැහැර කළ ප්‍රමාණය)
පෝටෝන වලින් ලබා ගන්නා ශක්තිය ක්ලෝරොෆීල් a අණුවේදී යොදා ගන්නේ කුමකටද?
ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමක් දක්වා නැංවීමට
ඉහළ ශක්තියක් රැගෙන යන මේ උද්දීපණය වූ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ කවුද?
ප්‍රාථමික ඉලෙක්ට්‍රෝණ ප්‍රතිග්‍රාහකයා මඟින්
ඉලෙක්ට්‍රෝන පිටවීමෙන් පසු ක්ලෝරොෆීල් a අණුව පත්වන තත්ත්වය
ආරෝපිත (ක්ලෝරොෆීල් - a+) වේ.
උද්දීපනයට ලක් වූ ඉලෙක්ට්‍රෝන අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාට ළඟා වෙන තුරු ගමන් කරන්නේ
ඉලෙක්ට්‍රෝන පරිවාහක රාශියක් හරහා
ක්ලෝරොෆීල් - a ආලෝක ශක්තිය අවශෝෂණය කිරීමේ රසායනික සමීකරණය
ක්ලෝරොෆීල් - a + ආලෝක ශක්තිය -> ක්ලෝරොෆීල් - a+ + e- (ඉලෙක්ට්‍රෝන)
ක්ලෝරොෆීල් - a ඔක්සිකරණය වී ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාට සිදුවන්නේ කුමක්ද?
එම නිසා ක්ලෝරොෆීල් - a ඔක්සිකරණය වී ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඔක්සිහරණය වේ.
ප්‍රභා පද්ධති යනු මොනවාද?
ක්ලෝරොෆීල් අණු, අනෙකුත් කාබනික අණු හා ප්‍රෝටීන හරිතලවයේ ඇති තයිලකොයිඩ පටල මත sankeerna ලෙස සංවිධානය වී ඇත. ඒවා ප්‍රභා පද්ධති ලෙස හැඳින් වේ.
ප්‍රභා පද්ධතියක අඩංගු සංකීර්ණ දෙක
ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණ (reaction centre complex) සහ ආලෝකය වල ලබා ගන්නා සංකීර්ණයක් (light harvesting complex)
ප්‍රතික්‍රියා මධ්‍යස්ථානය සමන්විත වන්නේ
ක්ලෝරොෆීල් - a අණු යුගලයක් හා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා දරන සංවිධානය වූ ප්‍රෝටීන වලින්
ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය තුළ ඇති විශේෂිත ප්‍රතිග්‍රාහකයා
ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් ඇත (Primary electron acceptor)
ආලෝකය වල ලබා ගන්නා සංකීර්ණයේ අඩංගු වන්නේ
ප්‍රභාසංස්ලේෂක වර්ණක
තයිලකොයිඩ පටල මත ඇති ප්‍රභා පද්ධති වර්ග දෙක
ප්‍රභා පද්ධති I (PSI) හා ප්‍රභා පද්ධති II (PSII)
ප්‍රභාපද්ධති I හි ඇති ක්ලොරොෆිල් අණුව හඳුන්වන නම සහ එය අවශෝෂණය කරන තරංග ආයාමය
P700 ලෙස හඳුන්වන අතර, එය තරංග ආයාමය 700 nm වන ආලෝකය ඵලදායිව අවශෝෂණය කරයි.
ප්‍රභා පද්ධති II හි ප්‍රතික්‍රියා මධ්‍යස්ථානයේ ඇති ක්ලෝරොෆිල් a අණුව හඳුන්වන නම සහ තරංග ආයාමය
P680 ලෙස හඳුන්වන අතර, එය තරංග ආයාමය 680 nm වන ආලෝකය ඵලදායීව අවශෝෂණය කරයි.
ආලෝකය වල ලබා ගන්නා ස්ථානයේ අඩංගු වන වර්ණක
ප්‍රභාසංශ්ලේෂක වර්ණක මඟින් ආලෝකය අවශෝෂණය කළ පසු PSI හා PSII සිදු කරන්නේ කුමක්ද?
උද්දීපනය වී ATP හා NADPH සංශ්ලේෂණය කරයි.
රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය යනු කුමක්ද?
තයිලකොයිඩ තුළ ඇති ප්‍රභා පද්ධති හා වෙනත් අණුක සංඝටක මඟින් ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ගැලීම මේ ශක්ති පරිණාමනයේ දී ප්‍රධාන වශයෙන් සිදු වේ. මේ ක්‍රියාවලිය රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය ලෙස හැඳින් වේ.
රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී ජලය විභේදනය වීමේ සමීකරණය
H2O -> 2e- + 1/2 O2 + 2H+
ජලය විභේදනය වීමෙන් නිදහස් වන ඵල මොනවාද?
O2 වායුව, H+ අයන හා ඉලෙක්ට්‍රෝන
ජලය විභේදනය වීමේදී නිදහස් වූ ඉලෙක්ට්‍රෝන යොදවන්නේ කුමකටද?
ප්‍රභා පද්ධති II (P680+) උදාසීන කිරීම සඳහා
ෆෝටෝන වර්ණක මත ගැටීම නිසා ප්‍රභා පද්ධති I හි සිදුවන්නේ කුමක්ද?
P700 හි ඇති ඉලෙක්ට්‍රෝන අධි ශක්ති මට්ටමකට උද්දීපනය වේ.
ප්‍රභා පද්ධති II වෙතින් නිදහස් වූ ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති I වෙත පැමිණෙන්නේ කෙසේද?
ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් (පරිවාහක පද්ධතිය) හරහා ගමන් කර
පහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පැමිණීමේ දී නිදහස් වූ ශක්තිය යොදවන්නේ කුමකටද?
ATP සංශ්ලේෂණයට යොදවනු ලබයි.
ප්‍රභාපොස්පොරයිලීකරණය යනු කුමක්ද?
ඉලෙක්ට්‍රෝන පැමිණීමේ දී නිදහස් වූ ශක්තියෙන් ATP සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලියයි.
ප්‍රභා පද්ධති I හි උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන අවසානයේ සාදන්නේ කුමක්ද?
NADP+ ඔක්සිහරණය කර එහි ප්‍රතිඵලයක් ලෙස NADPH සාදයි.
NADP+ ඔක්සිහරණ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන එන්සයිමය
NADP රිඩක්ටේස්
චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය සිදු වන්නේ කුමන ප්‍රභා පද්ධතියේද?
ප්‍රභාපද්ධති I හි සිදු වේ. ප්‍රභාපද්ධති II හි සිදු නොවේ.
චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී නිපදවෙන සහ නිදහස් නොවන ද්‍රව්‍ය මොනවාද?
ATP නිපදවෙන අතර NADPH හෝ O2 නිදහස් වීම සිදු නොවේ.
කැල්වින් චක්‍රයේදී සිදු වන ප්‍රධාන කාර්යය කුමක්ද?
ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවනු ලබන ATP හා NADPH වල ශක්තිය CO2 කාබොක්සිලීකරණය සඳහා යොදවනු ලබයි.
කැල්වින් චක්‍රයේ අනුපිළිවෙළ සොයාගත් විද්‍යාඥයා
මැල්වින් කැල්වින්
කැල්වින් චක්‍රයේ පියවර 3 මොනවාද?
කැල්වින් චක්‍රයේ CO2 ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියා කරන සීනි අණුව
රීබියුලෝස් බිස්පොස්පේට් (RuBP) (5C සංයුතියකින් යුක්තයි)
RuBP සහ CO2 එකතු වීම (කාබන් තිර කිරීම) උත්ප්‍රේරණය කරන එන්සයිමය
RuBP කාබොක්සිලේස් ඔක්සිජනේස් හෙවත් රුබිස්කෝ (Rubisco)
RuBP කාබොක්සිලීකරණයේ ප්‍රථම ඵලය සහ එය වහාම පත්වන තත්ත්වය
කාබන් 06 සංයුතියකින් යුක්ත අස්ථායි අණුවක් වන අතර, එය වහාම කාබන් 3 බැගින් යුක්ත 3-පොස්පොග්ලිසරේට් (3-PGA) අණු 2ක් බවට පත්වේ.
ප්‍රභාසංශ්ලේෂණයේ දී සෑදෙන ප්‍රථම ස්ථායි ඵලය කුමක්ද?
3-පොස්පොග්ලිසරේට් (3-PGA)
3-PGA, 1,3-බිස්පොස්පොග්ලිසරේට් බවට පරිවර්තනය වන්නේ කෙසේද?
3-PGA වලට ATP වලින් එක් පොස්පේට කාණ්ඩයක් එකතු කිරීමෙන්
කැල්වින් චක්‍රයේ කාබොක්සිලීකරණ සමීකරණය
RuBP + CO2 -(Rubisco)-> 2 (3-PGA)
1,3-බිස්පොස්පොග්ලිසරේට් ඔක්සිහරණය වන්නේ කුමන ඵලය බවටද?
ග්ලිසරැල්ඩිහයිඩ් - 3 - පොස්පේට් (G3P) බවට
G3P සෑදීමේ පියවරෙන් පියවර ඔක්සිහරණ ප්‍රතික්‍රියා සඳහා වැය වන්නේ මොනවාද?
ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවුණු NADPH හා ATP වැය වේ.
ග්ලූකෝස් ඇතුළු කාබෝහයිඩ්‍රේට සංශ්ලේෂණයේ පුරෝගාමී අණුව (Precursor) කුමක්ද?
G3P අණුවයි.
එක් G3P අණුවක ශුද්ධ සංශ්ලේෂණය සඳහා කැල්වින් චක්‍රය කෙතරම් සිදු විය යුතුද?
තුන් වරක් (3 වතාවක්) සිදු විය යුතු වෙයි.
RuBP පුනර්ජනනය සඳහා වැය වන්නේ කුමක්ද?
ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවා ගත් ATP वैය වේ.
රුබිස්කෝ එන්සයිමය මඟින් උත්ප්‍රේරණය කරනු ලබන විශිෂ්ට ප්‍රතික්‍රියා දෙක
කාබොක්සිලේස් හා ඔක්සිජනේස් ලෙස ක්‍රියා කරයි.
ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේ දී රුබිස්කෝ එන්සයිමය RuBP සමඟ ප්‍රතික්‍රියා කරවන්නේ කුමන වායුවද?
O2 සමඟිනි.
රුබිස්කෝ එන්සයිමයේ සක්‍රීය ස්ථානය සඳහා තරඟකාරීව ක්‍රියා කරන උපස්තර දෙක
CO2 හා O2
RuBP, O2 සමඟ රුබිස්කෝ එන්සයිමය හමුවේ දක්වන ප්‍රතික්‍රියාව
RuBP + O2 -(Rubisco)-> 3-PGA (50%) + 2-පොස්පොග්ලයිකෝලේට් (50%)
ප්‍රභා ශ්වසනයේදී සෑදෙන කාබන් දෙකකින් යුක්ත සංයෝගය (2-පොස්පොග්ලයිකෝලේට්) සැකසීමට (Processed) ලක් වන ඉන්ද්‍රියිකා
හරිතලව හැර යන අතර, එය පෙරොක්සිසෝමය හා මයිටොකොන්ඩ්‍රියම තුළදී සැකසීමට ලක් වේ.
ප්‍රභා ශ්වසනය සඳහා දායක වන සෛලීය ඉන්ද්‍රියිකා 3
හරිතලව, මයිටොකොන්ඩ්‍රියම හා පෙරොක්සිසෝම
ප්‍රභා ශ්වසනය නිසා ශාකයට සිදුවන නිෂ්පාදකතා හානිය කෙතරම්ද?
CO2 වෙනුවට O2 භාවිත කරන සෑම වාරයකටම වඩා 50% කින් ශාකය 3-PGA නිපදවන ප්‍රමාණය අඩු කෙරේ. තවද ශුද්ධ CO2 හානියකට මඟ පාදයි.
ප්‍රභා ශ්වසනය නිසා ප්‍රභාසංශ්ලේෂණයේදී අවසාන වශයෙන් සිදුවන්නේ කුමක්ද?
ශුද්ධ C ලාභය ඉවත් වීම සහ නිෂ්පාදකතාව අඩු වීම සිදු වේ.
ප්‍රභාශ්වසනය නම් නිෂ්ඵල ක්‍රියාවලියට හිතකර වන පරිසර තත්ත්ව මොනවාද?
ඉහළ උෂ්ණත්වය, වියළිබව සහ අධික ආලෝක තීව්‍රතා යටතේ පූටිකා වැසී CO2 සාන්ද්‍රණය අඩු වීම
ප්‍රභාශ්වසනය මඟහරවා ගැනීමට C4 ශාක පථයට හැකි වී ඇත්තේ කෙසේද?
රුබිස්කෝ එන්සයිමය වටා CO2 සාන්ද්‍රණය වැඩි කර ගැනීමෙන්
C4 ශාකවල ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව හා ප්‍රභාශ්වසනය විශාල වශයෙන් අඩු වී ඇත්තේ කුමන විකරණ නිසාද?
විවිධ ජෛව රසායනික හා ව්‍යුහ විද්‍යාත්මක විකරණයන් සිදු වී ඇති බැවිනි.
බොහෝ C4 ශාකවල CO2 සාන්ද්‍රණ යන්ත්‍රණයක් හැඩගැසී ඇත්තේ කුමන සෛල අතර ශ්‍රම විභාජනයෙනිද?
පත්‍ර මධ්‍ය සෛල හා කලාප කොපු සෛල ඇති වී ඒ අතර ශ්‍රම විභාජනය වීමෙන්
C3 ශාකවලට වඩා C4 ශාක පත්‍රවල කලාප කොපු සෛලවල ඇති විශේෂත්වය කුමක්ද?
පුළුල් වශයෙන් කායික විද්‍යාත්මක කෘත්‍ය සඳහා හැඩගැසී ඇත. සාපේක්ෂව විශාල වී ඉහළ ඉන්ද්‍රියිකා ප්‍රමාණයක් අන්තර්ගත වේ.
C4 මාර්ගය වඩාත් කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහා පත්‍ර මධ්‍ය සෛල හා කලාප කොපු සෛල අතර පවතින්නේ කුමක්ද?
විශාල ප්ලාස්ම බන්ධුතා (කලමනාකරණ සම්බන්ධතාවක්) මඟින් අන්තර් සම්බන්ධතා පවත්වයි.
C4 ශාක පත්‍රවල ඇති සුවිශේෂී පත්‍ර ව්‍යුහය හඳුන්වන නම
ක්‍රාන්ස් ව්‍යුහය (Kranz anatomy)
C4 ශාකවල කලාප කොපු සෛල තුළ රුබිස්කෝ වැඩි කාර්යක්ෂමතාවකින් ක්‍රියා කරන්නේ ඇයි?
කලාප කොපු සෛල තුළ අධික CO2 සාන්ද්‍රණයක් යටතේ රුබිස්කෝ එන්සයිමය ක්‍රියා කරන නිසා