1/68
Looks like no tags are added yet.
Name | Mastery | Learn | Test | Matching | Spaced | Call with Kai | Chat |
|---|
No analytics yet
Send a link to your students to track their progress
විශේෂිත කාර්යයන් හෝ කාර්යයන් කිහිපයක් කිරීමට ඇති සෛල වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුතු සෛල සමූහයක් එක්ව ගත් විට හඳුන්වන නම
පටකයක්
සත්ත්ව පටක ප්‍රධාන වර්ග හතර
අපිච්ඡද පටකයේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද?
ඒවා අවයව වල බාහිර හෝ අභ්‍යන්තර නිදහස් පෘෂ්ඨ ආවරණය කරයි, පටකයේ සෛල ඉතා ආසන්නව ඇතිරී ඇත, අපිච්ඡද පටකයේ සෛල වලට අග්‍රස්ථ හා පාදස්ථ ලෙස පෘෂ්ඨ දෙකක් පවතී, අග්‍රස්ථ පෘෂ්ඨය නිදහස්ව පවතින අතර පාදස්ථ පෘෂ්ඨය දරුණු පටලයට සම්බන්ධව තිබේ, පටකය තුළ රුධිර වාහිනී නැත, අපිච්ඡද පටකයට පහළින් ඇති සම්බන්ධක පටකයෙන් පෝෂණය හා ඔක්සිජන් ලබා ගනී
අපිච්ඡද පටකයේ ප්‍රධාන කෘත්‍ය 3 මොනවාද?
දරුණු පටලය මත ඇති සෛල ස්තර ගණන මත අපිච්ඡද පටක බෙදෙන ආකාර දෙක
සරල අපිච්ඡද පටක සඳහා උදාහරණ
සරල ශල්කමය අපිච්ඡදය, සරල ඝනකාර අපිච්ඡදය, සරල ස්ථම්භික අපිච්ඡදය, ව්‍යාජ ස්ථරීභූත අපිච්ඡදය
සංයුක්ත අපිච්ඡද පටක සඳහා උදාහරණ
ස්ථරීභූත ශල්කමය අපිච්ඡදය, සංක්‍රාන්ති අපිච්ඡදය
සරල ශල්කමය අපිච්ඡදයේ ව්‍යුහය
තැටි හැඩැති ආකාරයේ සෛල වලින් සැකසුණු, තනි සෛල ස්තරයකි
සරල ශල්කමය අපිච්ඡදය හරහා සිදුවන ප්‍රධාන ක්‍රියාවලිය කුමක්ද?
විසරණය මඟින් ද්‍රව්‍ය හුවමාරු වීම
සරල ශල්කමය අපිච්ඡදය දැකිය හැකි ස්ථාන සඳහා උදාහරණ
රුධිර කේශනාලිකා, ගර්ත
සරල ඝනකාර අපිච්ඡදයේ ව්‍යුහය
ඝනක හැඩැති තනි සෛල ස්ථරයකින් යුක්ත වේ
සරල ඝනකාර අපිච්ඡදය විශේෂණය වී ඇත්තේ කුමන කාර්යයන් සඳහාද?
ශ්‍රාවය හා අවශෝෂණය සඳහා
සරල ඝනකාර අපිච්ඡදය දක්නට ලැබෙන ස්ථාන
වෘක්ක නාලිකා, ඛේට ග්‍රන්ථි, තයිරොයිඩ් ග්‍රන්ථි වැනි ග්‍රන්ථි වල
සරල ස්ථම්භික අපිච්ඡදයේ ව්‍යුහය
විශාල gadol kata හැඩැති තනි සෛල ස්ථරයකින් යුක්ත වේ
සරල ස්ථම්භික අපිච්ඡදය බොහෝ විට හමුවන ස්ථානවල වැදගත්කම කුමක්ද?
ශ්‍රාවය හෝ සක්‍රීය අවශෝෂණය අවශ්‍ය වන ස්ථානවල
සරල ස්ථම්භික අපිච්ඡදයට උදාහරණයක්
ආන්ත්‍රික අස්තරණයේ
ව්‍යාජ ස්ථරීභූත අපිච්ඡදයේ ව්‍යුහය සහ එහි විශේෂත්වය කුමක්ද?
මෙය තනි සෛල ස්තරයකින් සමන්විත වේ. සෛල උසින් එකිනෙකට වෙනස් වේ. සෛල වල න්‍යෂ්ටි විවිධ මට්ටම් වල පවතී. මෙය සෛල ස්තර ගණනාවකින් සමන්විත ලෙස දක්නට ලැබේ
ව්‍යාජ ස්ථරීභූත අපිච්ඡදයේ පක්ෂ්ම මඟින් සිදුවන කාර්යය කුමක්ද?
අපිච්ඡද පටකයේ මතුපිට පෘෂ්ඨය හරහා ශ්ලේෂ්මල පැතිරීමට උදවු කරයි
ව්‍යාජ ස්ථරීභූත අපිච්ඡදයට උදාහරණ
නාස් මාර්ගය, ශ්වාසනාලය
ස්ථරීභූත ශල්කමය අපිච්ඡදයේ ව්‍යුහය සහ සෛල අලුත් වන ආකාරය
මෙම පටකය සෛල ස්තර ගණනාවකින් යුක්ත වේ. ඉතා ඉක්මනින් ප්‍රගුණනය වේ. සෛල විභාජනයෙන් දරුණු පටලයට ආසන්නව නව සෛල නිපදවේ. පැරණි සෛල ගැලවී ඉවත්ව යන අතර, එම සෛල නව සෛල මඟින් ප්‍රතිස්ථාපනය වේ
ස්ථරීභූත ශල්කමය අපිච්ඡදය හමුවන ස්ථානවල ස්වභාවය සහ උදාහරණ
ඝර්ෂණයට ලක්වන ස්ථානවල හමුවේ. උදා: සමේ පිටත ප්‍රදේශයේ, මුඛ කුහරයේ, ග්‍රාසනාලයේ, යෝනි මාර්ගයේ
දේහය තුළ වඩාත් බහුලව පවතින පටකය කුමක්ද?
සම්බන්ධක පටකය
සම්බන්ධක පටකයේ ප්‍රධාන කාර්යය
අවයව හා පටක ව්‍යුහමය ලෙස හා කෘත්‍යයමය ලෙස සම්බන්ධ කිරීමට උපකාරී වීම
සම්බන්ධක පටක සමන්විත වන්නේ කුමන කොටස් වලින්ද?
wiwidakara thanthuwalin samanwitha පූරකයක් තුළ පවතින විවිධ සෛල වලිනි
සම්බන්ධක පටකයක පූරකය පැවතිය හැකි ස්වභාවයන්
ඝන, අර්ධ ඝන (ජෙලි ආකාර), ද්‍රව හෝ වායූ විය හැකිය
සම්බන්ධක පටක පූරකය තුළ පවතින සෛල වර්ග 3ක් සහ ඒවායේ කෘත්‍ය
සම්බන්ධක පටක වල දැකිය හැකි අතිරේක සෛල වර්ග මොනවාද?
සම්බන්ධක පටක වල ඇති තන්තු වර්ග තුන
සම්බන්ධක පටක වල පොදු කෘත්‍ය 4ක්
විවිධ සම්බන්ධක පටක වර්ග 6 මොනවාද?
ලිහිල් සම්බන්ධක පටකය (අරීයල පටකය) 2. ඝන තන්තුමය සම්බන්ධක පටකය 3. මේද පටකය 4. rudira 5. කාටිලේජ 6. අස්ථි
අරීයල පටකය (ලිහිල් සම්බන්ධක පටකය) යනු කුමක්ද?
දේහය තුළ වඩාත් පුළුල්ව ව්‍යාප්ත වූ samanthaitha සම්බන්ධක පටකයයි
අරීයල පටකයේ අඩංගු සෛල සහ තන්තු වල ස්වභාවය
තන්තු සෛල, මහා භක්ෂාණු, කුඹ සෛල, සුදු රුධිරාණු හා මේද සෛල ඇත. තන්තු වර්ග තුන ම හමු වේ. තන්තු ලිහිල්ව ඇසිරුණු දැලක් ආකාර ස්වභාවයක් ගනී
අරීයල පටකය පිහිටන ස්ථාන සහ එහි කෘත්‍යය
සම හා ඊට යටින් පිහිටි පටක බැඳ තබයි. එබැවින් අවයව නියමිත ස්ථාන වල රඳවා තබා ගැනීමේ හැකියාව ලැබේ. සමට යටින් සහ දේහය පුරා පැතිරී ඇත
තන්තුමය (ඝන) සම්බන්ධක පටකයේ ව්‍යුහය සහ එහි පූරකයේ ස්වභාවය
කොලැජන් තන්තු මඟින් ඝනව ඇසිරී ඇත. එබැවින් පූරකය සාපේක්ෂව අඩු වී ඇති අතර, තන්තු සෛල සීමිත වේ
තන්තුමය (ඝන) සම්බන්ධක පටකයට උදාහරණ සහ ඒවායේ කෘත්‍ය
කණ්ඩරා (පේශි හා අස්ථි සම්බන්ධ කිරීම) හා සන්ධි බන්ධනී (අස්ථි හා අස්ථි සම්බන්ධ කිරීම)
මේද පටකයේ ව්‍යුහය සහ සෛල වල විශේෂත්වය
මේද සෛල වලින් ඇහිරී ඇත. සෑම මේද සෛලයක් ම විශාල මේද ගෝලිකාවකින් යුක්ත ය. මෙය විශේෂණය වූ ලිහිල් සම්බන්ධක පටක වර්ගයකි
මේද පටකයේ ප්‍රධාන කෘත්‍ය සහ පිහිටීම
දේහ උෂ්ණත්ව නියාමනය හා පරිවරණය ලෙස ක්‍රියා කරයි. ශක්තිය ගබඩා කරයි. සමට යටින් පිහිටා ඇති අතර අවයව වටා ආරක්ෂක කුෂන් එකක් ලෙස ක්‍රියා කරයි
රුධිර පටකයේ විශේෂත්වය කුමක්ද?
මෙය ද්‍රවමය පූරකයක් සහිත සම්බන්ධක පටකයක් වන අතර පූරකය රුධිර සෛල මඟින් ශ්‍රාවය නොවේ
රුධිර ප්ලාස්මාවේ අඩංගු ද්‍රව්‍ය මොනවාද?
ජලය 2. ලවණ 3. ද්‍රාවිත ප්‍රෝටීන 4 rudira saila
රුධිර ප්ලාස්මාව තුළ අවලම්භිතව පවතින සෛල වර්ග 3 සහ ඒවායේ කෘත්‍ය
රුධිරයේ ප්‍රධාන කෘත්‍ය 3 මොනවාද?
ද්‍රව්‍ය ප්‍රවාහනය 2. ආරක්ෂාව 3. assruthi විධානය (නියාමනය)
කාටිලේජ පටකයේ පූරකය සමන්විත වන්නේ කුමන ද්‍රව්‍යයකින්ද?
කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් (Chondroitin Sulphate)
කාටිලේජ පටකයේ අඩංගු සෛල සහ තන්තු මොනවාද?
කාටිලේජ සෛල (කොන්ඩ්‍රොසයිට) හා කොලැජන් තන්තු
කාටිලේජ පටකයේ කෘත්‍ය සහ පිහිටන ස්ථාන
ශ්වාසනාලය, කන් පෙත්ත, නාසය වැනි ස්ථාන වලට ආධාරකයක් වන අතර සන්ධි මුහුණත් වලට සන්නම්‍යතාවය ලබා දේ
අස්ථි පටකයේ ලක්ෂණ මොනවාද?
එය ඛනිජ භවනය වූ සම්බන්ධක පටකයකි. පූරකය කොලැජන් තන්තු සහ කැල්සියම්, මැග්නීසියම් හා පොස්පේට් අයන වැනි අකාබනික සංඝටක වලින් සමන්විත වේ
අස්ථි පටකයේ ඇති සෛල වර්ග 2 කුමක්ද?
අස්ථි පටකයේ ඔස්ටියෝසයිට අඩංගු වන්නේ කොහේද?
ගර්තිකා (Lacuna) තුළ
එක් එක් ඔස්ටියෝනයක මධ්‍යයේ පවතින්නේ කුමක්ද?
රුධිර වාහිනී හා ස්නායු පවතින මධ්‍ය නාලය (Haversian canal)
අස්ථි පටකයේ ප්‍රධාන කෘත්‍යයන් මොනවාද?
දේහයට ව්‍යුහමය සන්ධාරණය හා ශක්තිමත් බව ලබා දීම
පේශි පටකය දායක වන්නේ කුමන කාර්යයටද?
චලන සඳහා
පේශි පටකයේ සෛල සමන්විත වන ප්‍රෝටීන වර්ග මොනවාද?
ඇක්ටින් හා මයෝසින්
පේශි පටක සතු ප්‍රධාන හැකියාවන් මොනවාද?
සංකෝචනයට හා ලිහිල් වීමට ඇති හැකියාව
පෘෂ්ඨවංශී සිරුර තුළ ඇති මූලික… පේශි පටක ආකාර තුන
සිනිඳු පේශි පටකයේ සෛල වල ව්‍යුහය
තන්තු හැඩය ගන්නා අතර, ඒක න්‍යෂ්ටික වේ. සෛල විලේඛන රහිත වේ
සිනිඳු පේශි පටකයේ ක්‍රියාකාරිත්වය සහ පිහිටීම
anicchanuga සිරුරු ක්‍රියාකාරකම් සඳහා වැදගත් වේ. උදා: ආහාර මාර්ගයේ, මූත්‍රාශයේ, ධමනි බිත්තිවල
කංකාල පේශි පටකයේ ව්‍යුහය
බහුන්‍යෂ්ටික, දිගු සෛල කළඹකින් මෙම පටකය සමන්විත වේ. සෛල විලේඛන සහිත වේ
කංකාල පේශි සෛල වල ප්ලාස්ම පටලය හඳුන්වන නම කුමක්ද?
සර්කෝලෙමාව (Sarcolemma)
කංකාල පේශි පටකයේ පිහිටීම සහ ප්‍රධාන කාර්යය
සිරුරේ කංකාල පද්ධතියට සම්බන්ධව පවතින අතර, ප්‍රධාන වශයෙන් දේහයේ ෙicchanuga චලනවලට උදවු වේ
හෘත් පේශි පටකයේ ව්‍යුහය සහ එහි ඇති විශේෂ සන්ධි
ඒක න්‍යෂ්ටික සෛල වලින් සමන්විත වන අතර මේ සෛල අන්තර්ස්ථාපිත මණ්ඩල (Intercalated discs) මඟින් සම්බන්ධ වී ඇත
හෘත් පේශි පටකයේ ක්‍රියාකාරිත්වය සහ පිහිටීම
හෘදයේ අනෛච්ඡික සංකෝචනයට දායක වේ. හෘදයේ බිත්තියේ පමණක් හෘද් පේශි පටකය දැකිය හැකි වේ
ස්නායු පටකයේ ඇති සෛල වර්ග 2 මොනවාද?
නියුරෝන වල ප්‍රධාන කාර්යය
ස්නායු ආවේග ලබාගැනීම, සැකසීම හා සන්නිවේදනය සිදු කිරීම
නියුරෝග්ලියා (ග්ලියා සෛල) වල ප්‍රධාන කාර්යය
නියුරෝන වලට සන්ධාරණය සහ පෝෂණය සැපයීම
ස්නායු පද්ධතියේ මූලික ව්‍යුහමය ඒකකය කුමක්ද?
නියුරෝනය
නියුරෝනයක අඩංගු ප්‍රධාන කොටස් මොනවාද?
සෛල දේහයක්, අනුශාඛකා හා අක්ෂනයක්
නියුරෝනයක අනුශාඛකා සහ අක්ෂනය මඟින් සිදුවන කාර්යයන්
අනුශාඛකා මඟින් වෙනත් සෛල වලින් ආවේග ලබා ගනී. අක්ෂනය මඟින් වෙනත් නියුරෝන වලට, සෛල වලට හෝ පේශි වලට ආවේග සම්ප්‍රේෂණය කරයි
නියුරෝන එකතු වී ස්නායු සෑදෙන්නේ කෙසේද?
අක්ෂන තැඹිල්ලක් (කළඹක්) ආකාරයෙන් එකට එක්වී ස්නායු සෑදී ඇත
ග්ලියා සෛල වල කාර්යභාරයන් 3 මොනවාද?
ස්නායු සෛල වලට පෝෂණය සැපයීම 2. ස්නායු සෛල පරිවරණය කිරීම 3 සමහර අවස්ථාවල ස්නායු සෛල වල සාමාන්‍ය kruthya නිසි ලෙස හැසිරීම 4 snayu sailawala aduwa piraweema