plant life cycle

0.0(0)
Studied by 0 people
call kaiCall Kai
Locked
learnLearn
examPractice Test
spaced repetitionSpaced Repetition
heart puzzleMatch
flashcardsFlashcards
GameKnowt Play
Card Sorting

1/81

encourage image

There's no tags or description

Looks like no tags are added yet.

Last updated 12:14 PM on 7/28/26
Name
Mastery
Learn
Test
Matching
Spaced
Call with Kai
Chat

No analytics yet

Send a link to your students to track their progress

82 Terms

1
New cards

සියලු භෞමික ශාක තම ජීවන චක්‍රයේ දී විදහා දක්වන්නේ කුමක්ද?

පරම්පරා ප්‍රත්‍යාවර්තනය

2
New cards

භෞමික ශාකවල පරම්පරා ප්‍රත්‍යාවර්තනය යනු කුමක්ද?

ජීවන චක්‍රයක් තුළ දී ඒකගුණ පරම්පරාවත්, ද්විගුණ පරම්පරාවත් මාරුවෙන් මාරුවට හට ගැනීම

3
New cards

විෂමරූපි පරම්පරා ප්‍රත්‍යාවර්තනය යනු කුමක්ද?

භෞමික ශාකවල ජීවන චක්‍රයේ දී රූපකාරයෙන් වෙනස් බහු සෛලික දේහ ස්ව රූපයන් දෙකක් වන ඒක ගුණ ජන්මාණු ශාකය හා ද්විගුණ බීජාණු ශාකය මාරුවෙන් මාරුවට හට ගැනීම

4
New cards

භෞමික ශාකවල ජන්මාණුධානි හා බීජාණුධානී තුළ ඇති මාතෘ සෛල වියළීමෙන් ආරක්ෂා වීම සඳහා පිහිටා ඇත්තේ කෙසේද?

වඳ සෛල ස්තර වලින් ආරක්ෂා වී පිහිටයි

5
New cards

ජන්මාණු ශාකය මඟින් ජන්මාණු නිපදවනු ලබන්නේ කුමන සෛල විභාජන ක්‍රියාවලියෙන්ද?

අනූනනයෙන්

6
New cards

සියලු භෞමික ශාක ජන්මාණු වියළීම වළක්වා ගැනීමට සිදු කරනු ලබන සුවිශේෂී ක්‍රියාවලිය කුමක්ද?

අභ්‍යන්තර සංසේචනය

7
New cards

භෞමික ශාකවල ලිංගික ප්‍රජනනයේදී O2 ඡායා ජන්මාණුව (ඩිම්බය) සහ පුං ජන්මාණු (ශුක්‍රාණු) පවතින ආකාරය කෙබඳුද?

ඡායා ජන්මාණුව අණ්ඩාණුධානි තුළ ම රඳවා ගන්නා අතර, පුං ජන්මාණු ශුක්‍රාණුධානිවලින් නිදහස් කරයි

8
New cards

ජන්මාණු සංසේචනය සඳහා බාහිර ජලය මත රඳා පවතින සහ රඳා නොපවතින ශාක කාණ්ඩ මොනවාද?

බීජ රහිත ශාකවලට බාහිර ජලය අවශ්‍ය වන අතර බීජ ශාකවලට බාහිර ජලය අවශ්‍ය නොවේ

9
New cards

සංසේචනයෙන් පසු ද්විගුණ යුක්තාණුව ජන්මාණු ශාකය තුළ රැඳී පවතිමින් මුලින්ම විකසනය වන්නේ කුමක් බවටද?

කලලය බවට

10
New cards

කලලය ජන්මාණු ශාකයෙන් පෝෂණය ලබා ගනිමින් විකසනය වී පත්වන අවසාන ස්වරූපය කුමක්ද?

ද්විගුණ බීජාණු ශාකය බවට

11
New cards

ද්විගුණ බීජාණු ශාක පරම්පරාව බිහි වන්නේ කුමන ක්‍රියාවලිය ප්‍රමාද වීමෙන්ද?

සංසේචනයට පසුව සැදෙන ද්විගුණ ව්‍යූහයේ ඌනන විභාජනය ප්‍රමාද වීමෙන්

12
New cards

ද්විගුණ බීජාණු ශාකයේ සිදු වන ඌනන විභාජනයෙන් නිපදවෙන්නේ කුමක්ද?

ඒක ගුණ බීජාණු

13
New cards

ඒක ගුණ ජන්මාණු ශාකය හට ගන්නේ කුමන ව්‍යුහයක ප්‍රරෝහණයෙන්ද?

බීජාණු ප්‍රරෝහණයෙන්

14
New cards

භෞමික ශාකවල පරිණාමික ක්‍රියාවලියේ දී ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය බවට පත් වී ඇත්තේ කුමන පරම්පරාවද?

ද්විගුණ බීජාණු ශාක පරම්පරාව

15
New cards

භෞමික ශාකවල පරිණාමයේදී ක්ෂීණ වී ගොස් ඇති පරම්පරාව කුමක්ද?

ජන්මාණු ශාක පරම්පරාව

16
New cards

බීජ ශාකවල දී ජන්මාණු ශාකය පවතින්නේ කෙසේද?

බීජාණු ශාකය මත යැපෙයි

17
New cards

Pogonatum ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය කුමක්ද?

ජන්මාණු ශාකය

18
New cards

Pogonatum ජන්මාණු ශාකය සතු ප්‍රධාන ව්‍යුහාත්මක හා පෝෂණ ලක්ෂණ මොනවාද?

බීජාණු ශාකයට වඩා විශාල හා වැඩි කාලයක් ජීවත් වෙයි, ප්‍රභාසංශ්ලේෂකයි, කඳ 'පත්‍ර' හා 'මූලාභ' දක්නට ඇත

19
New cards

Pogonatum ජන්මාණු ශාකයේ ලිංගික ස්වභාවය කෙබඳුද?

ද්විගෘහීය / ඒක ලිංගිකය

20
New cards

Pogonatum පුංජන්මාණු ශාකයේ සහ ඡායා ජන්මාණු ශාකයේ හටගන්නා ප්‍රජනක ව්‍යුහයන් පිළිවෙළින් මොනවාද?

පුංජන්මාණු ශාකයේ ශුක්‍රාණුධානි ද ඡායා ජන්මාණු ශාකයේ අණ්ඩාණුධානි ද වේ

21
New cards

Pogonatum අණ්ඩාණුධානිය තුළ නිපදවන anda ගණන කොපමණද? එය බාහිරට නිදහස් වේද?

තනි andayak නිපදවන අතර එය බාහිරට නිදහස් නොවේ

22
New cards

Pogonatum ශුක්‍රාණුවල චලන ස්වභාවය සහ ඒවා ඩිම්බය වෙත ආකර්ෂණය වන ආකාරය

කශිකාධර චල ශුක්‍රාණු වන අතර රසායනික ආකර්ෂකවලට ප්‍රතිචාර දක්වමින් බාහිර ජලයේ පිහිනා යයි

23
New cards

Pogonatum ද්විගුණ යුක්තාණුව සාදනු ලබන්නේ දේහයේ කුමන ස්ථානයකදීද?

අණ්ඩාණුධානිය තුළ දී

24
New cards

Pogonatum සංසේචනයට පසු හටගන්නා ද්විගුණ බීජාණු ශාකය පෝෂණය ලබා ගන්නේ කුමකින්ද?

ජන්මාණු ශාකයෙන්

25
New cards

Pogonatum බීජාණු ශාකය සමන්විත වන ප්‍රධාන කොටස් 3 මොනවාද?

පාදය, තන්ත්‍රය හා ස්ඵෝටිකාව (බීජාණුධානිය)

26
New cards

Pogonatum බීජාණු ශාකයේ 'පාදය' මඟින් සිදු කරනු ලබන කෘත්‍යය කුමක්ද?

ජන්මාණු ශාකයෙන් ජලය හා පෝෂක අවශෝෂණය කිරීම

27
New cards

Pogonatum ස්ඵෝටිකාව තුළ ඌනනයෙන් නිපදවෙන බීජාණුවල විශේෂත්වය කුමක්ද?

රූපාකාරයෙන් සමාන බීජාණු නිපදවයි (සමබීජාණුකතාව)

28
New cards

Pogonatum බීජාණු ප්‍රරෝහණය වී සාදනු ලබන කොළ පැහැති ශාඛනය වූ සූත්‍රිකාව හඳුන්වන නම

ප්‍රාතන්ත්‍රය (ප්‍රාක්තන්ත්‍රය)

29
New cards

Pogonatum ප්‍රාක්තන්ත්‍රයෙන් හට ගන්නා අංකුර මඟින් ඊළඟට සාදනු ලබන්නේ කුමක්ද?

ජන්මාණු ශාක

30
New cards

Nephrolepis ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය කුමක්ද?

බීජාණු ශාකය

31
New cards

Nephrolepis ජන්මාණු ශාකයේ පැවැත්මේ ස්වභාවය කෙබඳුද?

ක්ෂීණය, පැවැත්ම කෙටිකාලීනයි

32
New cards

Nephrolepis හි බීජාණු ශාකය සහ ජන්මාණු ශාකය පෝෂණය අතින් දක්වන සුවිශේෂී සමානකම කුමක්ද?

දෙක ම ප්‍රභාසංශ්ලේෂක ස්වාධීන ශාක වේ

33
New cards

Nephrolepis බීජාණු ශාක දේහය විභේදනය වී ඇති කොටස් මොනවාද?

මුල, කඳ සහ පත්‍රවලට

34
New cards

Nephrolepis බීජාණු ශාකයේ වායව කොටස්වල ආරක්ෂාව සහ වායු හුවමාරුව සඳහා ඇති ව්‍යුහයන් මොනවාද?

උච්චර්මයකින් ආවරණය වී ඇති අතර පුටිකා විකසනය වී ඇත

35
New cards

Nephrolepis බීජාණු ශාකය තුළ විකසනය වී ඇති සනාල පටක වර්ග දෙක කුමක්ද?

ශෛලම හා ලෝයම

36
New cards

Nephrolepis ළපටි පත්‍ර දක්වන සුවිශේෂී නැමීමේ රටාව හඳුන්වන්නේ කෙසේද?

කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රනය

37
New cards

Nephrolepis කඳ සහ පත්‍රවල ව්‍යුහාත්මක ස්වභාවය කෙබඳුද?

කඳ භූගත රයිසෝමයකි, පත්‍රය පත්‍රිකා වලින් සමන්විත සංයුක්ත පක්ෂවත් පත්‍රයකි

38
New cards

Nephrolepis ශාකයේ අලිංගික ක්‍රමයට නව පැළෑටි හට ගන්නේ කුමන ව්‍යුහයකින්ද?

රයිසෝමයෙන් පැන නඟින භූගත ධාවකවලින්

39
New cards

Nephrolepis පරිණත පත්‍රිකාවල යටි පැත්තේ ඇති වන බීජාණුධානි සමූහ හඳුන්වන නම සහ එය ආරක්ෂා කරන ව්‍යුහය

සෝරස ලෙස හඳුන්වන අතර ඒවා වියළීමෙන් ආරක්ෂා කර ගැනීමට කසුව පවතී

40
New cards

Nephrolepis බීජාණුධානියක් තුළ ඌනන විභාජනයෙන් හටගන්නා බීජාණුවල ලක්ෂණය කුමක්ද?

ඒක ගුණ වන අතර සමබීජාණුක ය

41
New cards

Nephrolepis සෝරස පරිණත වූ විට බීජාණු පිටතට විවෘත වීමට හේතුව කුමක්ද?

කසුව වියළී හැකිලීමට ලක් වීම නිසා

42
New cards

Nephrolepis බීජාණුධානි පුපුරා බීජාණු පිටතට නිදහස් වන්නේ කුමන පරිසර තත්ත්ව යටතේද?

වියළි පරිසර තත්ත්ව යටතේ

43
New cards

Nephrolepis බීජාණු ව්‍යාප්ත වන්නේ කුමන කාරකය මඟින්ද?

සුළඟින්

44
New cards

Nephrolepis ජන්මාණු ශාකයේ බාහිර ව්‍යුහය සහ පෝෂණය කෙබඳුද?

කුඩා, හෘදයාකාර, පියවි ඇසට පෙනෙන කොළ පැහැති, ප්‍රභාසංශ්ලේෂක තලසකි

45
New cards

Nephrolepis ජන්මාණු ශාකයේ උදරීය පැත්තේ විකසනය වන ව්‍යුහයන් මොනවාද?

මූලාභ, ශුක්‍රාණුධානි හා අණ්ඩාණුධානි

46
New cards

Nephrolepis ජන්මාණු ශාකයේ ලිංගික ස්වභාවය කුමක්ද?

ඒක ගෘහි / ද්විලිංගික ශාකයකි

47
New cards

Nephrolepis සංසේචන ක්‍රියාවලිය සිදු වන ආකාරය විස්තර කරන්න

කශිකාධර ශුක්‍රාණු බාහිර ජලයේ පිහිනා ගොස් අණ්ඩාණුධානියෙන් නිකුත් වන රසායන ද්‍රව්‍ය වෙත ආකර්ෂණය වී එහි ඇති අණ්ඩය හා එකතු වේ

48
New cards

Nephrolepis ළපටි බීජාණු ශාකය ස්වාධීන ශාකයක් බවට පත්වන්නේ කවදාද?

ප්‍රභාසංශ්ලේෂක පටක විකසනය සිදු වූ පසු

49
New cards

Selaginella ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය සහ ජන්මාණු ශාකයේ ස්වභාවය දක්වන්න

බීජාණු ශාකය ප්‍රමුඛ හා ප්‍රභාසංශ්ලේෂක වන අතර, ජන්මාණු ශාකය ව්‍යූහයෙන් ක්ෂීණව බීජාණු ශාකය මත අර්ධව යැපෙයි

50
New cards

Selaginella බීජාණු ශාකයේ පත්‍ර සැකැස්ම සහ කඳෙහි ස්වභාවය කෙබඳුද?

විෂම පත්‍ර යුගල් ලෙස සැකසී ඇති අතර කඳ පෘෂ්ඨෝදරීයව පැතලි ය

51
New cards

Selaginella බීජාණුධානි හටගන්නේ කුමන ස්ථානයකද?

විශේෂණය වූ පත්‍ර වර්ගයක් වන බීජාණු පත්‍ර වලය

52
New cards

Selaginella බීජාණු පත්‍ර සුසංහිතව සැකසීමෙන් කඳ අග්‍රස්ථයේ සාදන ව්‍යුහය කුමක්ද?

සංකේතුව

53
New cards

Selaginella සංකේතුවක් තුළ අඩංගු වන බීජාණු පත්‍ර වර්ග දෙක කුමක්ද?

මහා බීජාණු පත්‍ර හා ක්ෂුද්‍ර බීජාණු පත්‍ර

54
New cards

Selaginella මහා බීජාණුධානිය සහ ක්ෂුද්‍ර බීජාණුධානිය තුළ ඌනනයෙන් හටගන්නා බීජාණු සංඛ්‍යාවන් සහ ප්‍රමාණයන් පිළිවෙළින් දක්වන්න

මහා බීජාණුධානිය තුළ ප්‍රමාණයෙන් විශාල මහා බීජාණු 4ක් ද, ක්ෂුද්‍ර බීජාණුධානිය තුළ ප්‍රමාණයෙන් කුඩා ක්ෂුද්‍ර බීජාණු විශාල සංඛ්‍යාවක් ද වේ

55
New cards

Selaginella රූපීය වශයෙන් වෙනස් බීජාණු ආකාර දෙකක් හටගැනීමේ මෙම ස්වභාවය හඳුන්වන නම

විෂම බීජාණුකතාව

56
New cards

Selaginella ක්ෂුද්‍ර බීජාණු පුං ජන්මාණු ශාක බවට විකසනය වීම ආරම්භ වන්නේ කොහේදීද?

ක්ෂුද්‍ර බීජාණුධානිය තුළ දී ම ය

57
New cards

Selaginella පරිණත පුං ජන්මාණු ශාකයේ ලක්ෂණ මොනවාද?

ක්ෂුද්‍ර බීජාණුවේ බිත්තියෙන් වට වී පවතී, ප්‍රභාසංශ්ලේෂි නොවේ, සංචිත ආහාර මත යැපේ, අණ්වීක්ෂීයයි

58
New cards

Selaginella ඡායා ජන්මාණු ශාකය බහු සෛලීය ව්‍යුහයක් ලෙස පෝෂණය සහ ආරක්ෂාව සපයා ගන්නේ කෙසේද?

මහා බීජාණුවේ ඝන බිත්තියෙන් වටව පවතින අතර, ප්‍රභාසංශ්ලේෂක හැකියාව තිබුණ ද සංචිත ආහාර මත අර්ධව යැපෙයි

59
New cards

Selaginella ඡායා ජන්මාණු ශාකයේ අණ්ඩාණුධානි පිහිටන්නේ කොහේද?

ඡායා ජන්මාණු ශාකයේ ඉහළ මතුපිට ප්‍රදේශයේ ජන්මාණු පටකයේ සම්පූර්ණයෙන් ගිලී පවතී

60
New cards

Cycas ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය සහ ජන්මාණු ශාකයේ පැවැත්ම කෙබඳුද?

ප්‍රමුඛ ශාකය ද්විගුණ බීජාණු ශාකය (ප්‍රභාසංශ්ලේෂක) වන අතර, ජන්මාණු ශාකය ක්ෂීණ වී එහි ජීවිත කාලය පුරා බීජාණු ශාකය මත යැපෙයි

61
New cards

Cycas ප්‍රමුඛ බීජාණු ශාකයේ කඳ සහ පත්‍ර සැකැස්ම විස්තර කරන්න

කඳ අතු නොබෙදුණ ස්තම්භ ආකාර කාෂ්ඨිය ව්‍යූහයකි, පත්‍ර කිරුළක් ලෙස සැකසී ඇත

62
New cards

Cycas පත්‍ර පෙන්වන අනුවර්තනීය ලක්ෂණය සහ ළපටි පත්‍රවල ස්වභාවය කුමක්ද?

සංයුක්ත පත්‍ර ශුෂ්ක රූපී අනුවර්තන පෙන්නුම් කරන අතර ළපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක්පත්‍රනය දක්වයි

63
New cards

Cycas බීජාණු ශාකයේ මූලික ලක්ෂණ 4ක් දක්වන්න

බහුවාර්ෂික ශාකයකි, ද්විගෘහීය වේ, විෂම බීජාණුක වේ, මුදුන් මුල් පද්ධතියක් සහ ද්විතීයික වර්ධනයක් පවතියි

64
New cards

Cycas ඡායා ශාකයේ සහ පුං ශාකයේ හටගන්නා බීජාණු වර්ග පිළිවෙළින් මොනවාද?

ඡායා ශාකයේ මහා බීජාණු ද පුං ශාකයේ ක්ෂුද්‍ර බීජාණු ද වේ

65
New cards

Cycas පරිණත ඡායා ශාකයේ මහා බීජාණු පත්‍ර සහ මහා බීජාණුධානි (ඩිම්බ) හටගන්නේ කොහේද?

මහා බීජාණු පත්‍ර jaya shakaye කඳ අග්‍රස්ථයේ කිරුළක් පරිද්දෙන් හටගන්නා අතර මහා බීජාණුධානි ඒවායේ පාර්ශ්වික දාරයේ හටගනී

66
New cards

Cycas මහා බීජාණුධානිය වට කරමින් ඩිම්බය සාදන ආරක්ෂිත ස්තරය සහ එහි ඇති කුඩා සිදුර හඳුන්වන නම

ආරක්ෂිත ස්තරය ඩිම්බාවරණය වන අතර එහි ඇති කුඩා සිදුර අනුද්වාරයයි

67
New cards

Cycas ඩිම්බය තුළ තනි මහා බීජාණු මාතෘ සෛලයෙන් ඌනනය මඟින් හටගන්නා ඒක ගුණ මහා බීජාණු ගණන කොපමණද? ඉන් කීයක් ඉතිරි වේද?

මහා බීජාණු හතරක් හටගන්නා අතර ඉන් එකක් පමණක් ක්‍රියාකාරීව ඉතිරි වේ

68
New cards

Cycas මහා බීජාණුධානි පටකයේ ඉතිරි කොටස හඳුන්වන නම සහ එහි කෘත්‍යය කුමක්ද?

කුක්ෂිය ලෙස ඉතිරි වන අතර එය පෝෂණය සපයයි

69
New cards

Cycas මහා බීජාණුව බාහිරට නිදහස් වේද? එය විකසනය වන්නේ කුමක් බවටද?

බාහිර පරිසරයට නිදහස් නොකෙරෙන අතර එය ඩිම්බය තුළ රැඳෙමින් ඡායා ජන්මාණු ශාකය (n) බවට විකසනය වේ

70
New cards

Cycas පරිණත ඩිම්බය තුළ ඇති ඡායා ජන්මාණු ශාකයෙන් (n) නිපදවෙන්නේ කුමක්ද?

අණ්ඩාණුධානි රැසක් නිපදවන අතර එක් එක් අණ්ඩාණුධානිය තුළ තනි ඩිම්බ සෛලයක් බැගින් පවතී

71
New cards

Cycas පරිණත පුංශාකය නිපදවන ව්‍යුහය සහ එය සමන්විත වන පත්‍ර වර්ගය කුමක්ද?

පුං කේතුවක් නිපදවන අතර එය ක්ෂුද්‍ර බීජාණු පත්‍ර වලින් සමන්විතය

72
New cards

Cycas ක්ෂුද්‍ර බීජාණු පත්‍රවල ක්ෂුද්‍ර බීජාණුධානි පිහිටන්නේ කොහේද?

ක්ෂුද්‍ර බීජාණු පත්‍රවල යටි පැත්තේ

73
New cards

Cycas ක්ෂුද්‍ර බීජාණුධානි තුළ දී ක්ෂුද්‍ර බීජාණු ඌනනයෙන් නිපදවී පසුව විකසනය වන්නේ කුමන ව්‍යුහයන් බවටද?

පරාග කණිකා බවට

74
New cards

Cycas ශාකයේ පරාගණය යනු කුමක්ද?

පරාග කණිකා සුළඟ මඟින් ව්‍යාප්ත වී පරිණත ඩිම්බයක අනුද්වාරයේ තැන්පත් වීමයි

75
New cards

Cycas පරාග කණිකා ඩිම්බයේ පරාග කුටීරයට ඇතුළු වී විකසනය වන්නේ කුමක් බවටද?

පුං ජන්මාණු ශාකය බවට

76
New cards

Cycas පුං ජන්මාණු ශාකය සතු ව්‍යුහාත්මක විශේෂතා සහ එහි ජීවන කාලය කෙබඳුද?

බෙදුණු පරාග නාලයක් අඩංගු වන අතර (කුක්ෂියෙන් පෝෂණය අවශෝෂණය කරයි) කෙටි ජීවන කාලයක් පවතියි

77
New cards

Cycas පුං ජන්මාණු ශාකයෙන් නිපදවන ශුක්‍රාණු ගණන සහ ඒවායේ ඇති චලන ව්‍යුහය කුමක්ද?

විශාල ශුක්‍රාණු දෙකක්

78
New cards

Cycas ශාකයේ සංසේචනය සිදු වන ආකාරය දක්වන්න

පරාග නාලයේ කෙළවර පිපිරීමෙන් අණ්ඩාණුධානි කුටීරයට ශුක්‍රාණු නිදහස් කරන අතර ඒවා ජලීය මාධ්‍ය තුළින් පිහිනා ගොස් අණ්ඩය සංසේචනය කරයි

79
New cards

Cycas බීජය තුළ ඇති භ්‍රෑණපෝෂය (n) හටගන්නේ කුමකින්ද? එහි කෘත්‍යය කුමක්ද?

ඉතිරි වන ඡායා ජන්මාණු ශාකය මඟින් හටගන්නා අතර බීජ ප්‍රරෝහණයේදී කලලයට පෝෂණය සපයයි

80
New cards

Cycas බීජයක් සැකසීමේදී ඩිම්බාවරණය සහ ඩිම්බය පරිවර්තනය වන්නේ කුමන ව්‍යුහයන් බවටද?

ඩිම්බාවරණය බීජාවරණය බවටත්, ඩිම්බය බීජය බවටත් පත් වේ

81
New cards

සපුෂ්ප ශාකවල ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය සහ ජන්මාණු ශාකයේ ස්වභාවය කෙබඳුද?

ප්‍රමුඛ ශාකය බීජාණු ශාකයකි. ජන්මාණු ශාකය බීජාණු ශාකය මත සම්පූර්ණයෙන් ම යැපෙන, අන්වීක්ෂීය, කෙටි කාලීන ව්‍යූහයකි

82
New cards