1/174
Looks like no tags are added yet.
Name | Mastery | Learn | Test | Matching | Spaced | Call with Kai | Chat |
|---|
No analytics yet
Send a link to your students to track their progress
සත්ත්ව දේහ තුළ ද්‍රව්‍ය පරිවහනය මෙන් ම බාහිර පරිසරය සමඟ ද්‍රව්‍ය හුවමාරුව සඳහා ද සත්ත්වයන්ට අවශ්‍ය වන්නේ කුමක්ද?
සංසරණ පද්ධතියක්
පරිවහනයට හෝ ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විශේෂිත වූ පද්ධතියක් නොමැති සරල සතුන් සඳහා උදාහරණ
නිධාරියාවන්, පැතලි පණුවන්
සරල සතුන්ගේ පරිවහනයට විශේෂිත වූ පද්ධතියක් නොමැති වීමට හේතුව කුමක්ද?
ඔවුන්ගේ සෛල රාශියක් හෝ සියලු සෛල, ඔවුන් ජීවත් වන බාහිර පරිසරය සමඟ සෘජුව ම ගැටෙන නිසා
සරල සතුන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන සහ දේහය තුළ කෙටි දුරක් හරහා ද්‍රව්‍ය පරිවහනය සිදු කරන ක්‍රියාවලිය
දේහ පෘෂ්ඨය හරහා විසරණය මඟින් සිදු වන ද්‍රව්‍ය හුවමාරුව
ජීවියා ප්‍රමාණයෙන් හා සංකීර්ණතාවයෙන් වැඩි වත් ම සිදුවන වෙනස්කම් මොනවාද?
දේහය තුළට හා පිටතට ගමන් කරන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වේ, දේහය තුළ ද්‍රව්‍ය පරිවහනය විය යුතු දුර වැඩි වේ, බොහෝ සෛල බාහිර පරිසරය හා සෘජුව ම නොගැටේ
සංකීර්ණ ජීවීන්ගේ දේහය පුරා ද්‍රව්‍ය හුවමාරුව සඳහා ප්‍රමාණවත් නොවන ක්‍රියාවලිය කුමක්ද?
විසරණය
සෛල හා ඔවුන්ගේ ආසන්නතම වටපිටාව අතර ද්‍රව්‍ය හුවමාරුව සඳහා පරිවහන පද්ධතියක් පරිණාමය වීමට හේතුව කුමක්ද?
ජීවියා ප්‍රමාණයෙන් හා සංකීර්ණතාවයෙන් වැඩි වන විට දේහය පුරා ද්‍රව්‍ය හුවමාරුව සඳහා විසරණය ප්‍රමාණවත් නොවීම
දේහය තුළ පරිවහනය වන ද්‍රව්‍ය 5 මොනවාද?
ශ්වසන වායු 2. පෝෂක ද්‍රව්‍ය 3. පරිවෘත්තීය බහිස්ස්‍රාවී අපද්‍රව්‍ය 4. හෝමෝන 5. ප්‍රතිදේහ
පරිවහනය වන ශ්වසන වායු සඳහා උදාහරණ
ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්
පරිවහනය වන පෝෂක ද්‍රව්‍ය සඳහා උදාහරණ
ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, මේද අම්ල, විටමින් ආදිය
පරිවහනය වන පරිවෘත්තීය බහිස්ස්‍රාවී අපද්‍රව්‍ය සඳහා උදාහරණ
යූරියා, ඇමෝනියා ආදිය
පෘෂ්ඨවංශිකයන්ගේ දැකිය හැක්කේ කුමන ආකාරයේ සංසරණ පද්ධතියක්ද?
සංවෘත සංසරණ පද්ධතියක්
පෘෂ්ඨවංශිකයන්ගේ සංවෘත සංසරණ පද්ධතියේ දැකිය හැකි ප්‍රධාන රුධිර වාහිනී වර්ග තුන
ධමනි 2. ශිරා 3. කේෂනාලිකා
ධමනි, ශිරා සහ කේෂනාලිකා යන සෑම නාල වර්ගයක ම රුධිරය ගලා යන්නේ කෙසේද?
ඒක දිශානතිකව ගැලීම පමණක් සිදු වේ
හෘදයේ සිට අවයව කරා රුධිරය ගෙන යන රුධිර වාහිනී හඳුන්වන නම
ධමනි
ධමනි අවයව තුළ දී බෙදී යන කුඩා වාහිනී හඳුන්වන නම
ධමනිකා
විවර සහිත බිත්ති සහිත අන්වීක්ෂීය වාහිනී හඳුන්වන නම
කේෂනාලිකා
රුධිරය හා දේහ සෛල වටා ඇති අන්තරාල තරලය අතර විසරණය ඔස්සේ ද්‍රව්‍ය හුවමාරු වන ස්ථාන මොනවාද?
කේෂනාලිකා
කේෂනාලිකා එකට එකතු වීමෙන් සෑදෙන වාහිනී වර්ගය
අනුශිරා
අනුශිරා එකතු වීමෙන් සෑදෙන සහ රුධිරය නැවත හෘදය වෙත ගෙන යන වාහිනී වර්ගය
ශිරා
ව්‍යූහිකව හා කෘත්‍යාත්මක ව රුධිර වාහිනී පද්ධතිය සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් දක්වන පද්ධතිය කුමක්ද?
වසා පද්ධතිය
රුධිර කේශනාලිකාවලින් හානි වූ තරල සහ ප්‍රෝටීන නැවත රුධිරයට එක් කරන්නේ කුමන පද්ධතිය මඟින්ද?
වසා පද්ධතිය මඟින්
රුධිර කේශනාලිකාවලින් හානි වූ තරලය වසා පද්ධතිය තුළ දී හඳුන්වන නම
වසා
වසා වල සංයුතිය සමාන වන්නේ කුමන තරලයේ සංයුතියටද?
අන්තරාල තරලයේ සංයුතියට
වසා පද්ධතිය සමන්විත වන ප්‍රධාන කොටස් මොනවාද?
වසා රැගෙන යන වසා වාහිනී, වසා ගැටිති, වසා පටක (tonsils) හා වසා අවයව (උදා: ප්ලීහාව හා තයිමස)
වසා වාහිනී වල ආපසු ගැලීම වළක්වාලීම සඳහා දැකිය හැක්කේ කුමක්ද?
කපාට
වසා තරලය ශිරා දෙකක් තුළට වෑස්සෙන්නේ දේහයේ කුමන ප්‍රදේශයකදීද?
ගෙලෙහි පාදස්ථ ප්‍රදේශයේ ඇති විශාල වසා නාල ඔස්සේ
වසා තරලය චලනය (පරිවහනය) කිරීමට දායක වන සාධක මොනවාද?
වසා වාහිනී බිත්තිවල රිද්මයානුකූල සංකෝචන හා කංකාල පේශි සංකෝචන
ඉතා කුඩා වසා වාහිනී පිහිටා ඇත්තේ කුමන කොටස් සමඟ සමීපවද?
රුධිර සංසරණ පද්ධතියෙහි කේශනාලිකා ජාල සමඟ
වසා ගැටිති සැකසී ඇත්තේ කුමන පටක සහ සෛල වලිනිද?
සම්බන්ධක පටක හා සුදු රුධිර සෛලවලිනි
වසා පද්ධතියේ ප්‍රධාන කෘත්‍ය 3 මොනවාද?
පටක තරලය වැස්මෙන් රුධිර සංසරණ පද්ධතිය තුළ රුධිර පරිමාව පවත්වා ගැනීම 2. කෝක්ෂුද්‍රාන්ත්‍රයේදී මේද හා මේද ද්‍රාව්‍ය විටමින් අවශෝෂණය 3. ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දැක්වීම
රුධිර ප්ලාස්මාව, පටක තරලය සහ වසා තරලය අතර පවතින අසමානතා සම්බන්ධ සබඳතාවය කුමක්ද?
රුධිර ප්ලාස්මාව ≠ පටක තරලය = වසා තරලය
විවෘත සංසරණ පද්ධතියක හෘදය මඟින් රුධිර වසා පොම්ප කරනු ලබන්නේ කුමන ස්ථානයකටද?
දේහ පටක වටා පිහිටන අවකාශයට (anthar sambanditha කෝටරක)
හෘදය ඉහිල්ව පවතින අතරතුර, හෘදයේ කුමන කොටස හරහා රුධිර වසා ආපසු ගැලීම සිදු වේද?
කපාට සහිත puta haraha
පෘෂ්ඨවංශික සංසරණ පද්ධතියේ ප්‍රධාන රුධිර වාහිනී වර්ග තුන කුමක්ද?
ධමනි 2. ශිරා 3. කේෂනාලිකා